ජම්මු-කාශ්මිර ගැටලුව රටේ අභ්‍යන්තර ගැටලුවක්

ජම්මු - කාශ්මිර ගැටලුව රටේ අභ්‍යන්තර ගැටලුවක් බව ඉන්දියාව කියයි

by Staff writer 17-08-2019 | 7:10 AM
COLOMBO (News 1st) : ජම්මු - කාශ්මිර ගැටලුව මුලිමනින්ම සිය රටේ අභ්‍යන්තර ගැටලුවක් පමණක් බව ඉන්දියාව පවසයි. ඉන්දිය නියෝජිතයින් මේ බව සඳහන් කළේ, ජම්මු කාශ්මිර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ජා කිරීමේ අරමුණින් එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවූ විශේෂ රැස්වීමට එක්වෙමිනි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල මූලස්ථානයේදී මෙම සාකච්ජා පැවති බවයි. කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැඳවන්නැයි පසුගිය 13 වන දා පකිස්තානය එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම ගැටලුවේදී චීනය, පකිස්තාන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ ද, සෙසු ආසියානු රටවල සහාය ඉන්දියාවට හිමිව ඇති බවයි. ජම්මු කාශ්මීරයේ ස්වයං පාලන බලතල ඉවත් කර, එහි පාලනය මධ්‍යම රජය යටතට පැවරීමත් සමග ඉන්දු - පකිස්තාන විරසකය තීව්‍ර විය.