කොළඹ - හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා කෙරේ

කොළඹ - හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමනය අද රාත්‍රී 10 සිට සීමා කෙරේ

by Staff writer 17-08-2019 | 3:01 PM
COLOMBO (News 1st) - කොළඹ - හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමනය අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 1.00 දක්වා සීමා කරන බව පොලීසිය පවසයි. ඒ, නවගමුව ශ්‍රී පත්තිනි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙනි. එම කාල සීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියැදුරන්ට හා ජනතාවට දැනුම් දෙයි. මේ අතර හෙට උදෑසන 10.00 සිට පස්වරු 1.00 දක්වා දිය කැපීමේ පෙරහැර පැවැත්වෙන බැවින් එම කාල සීමාව තුළ ද කොළඹ - හංවැල්ල මාර්ගයේ වාහන ගමනා ගමනය සීමා වනු ඇති.