එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

Update : එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

by Staff writer 17-08-2019 | 6:59 AM
COLOMBO (News 1st) 11.00 AM : එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් මේ වන විට පැවැත්වේ. අප වාර්තාකරුවන් පැවසුවේ, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ද සහභාගිවී සිටින බවයි. ---------------------------------------------------------------------------------------------------------------------------------------- අද දිනයේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවා තිබේ. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අද පෙරවරුවේ පැවැත්වෙන මෙම රැස්වීමේ ප්‍රධාන අරමුණ බවයි. ඊට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ද සහභාගිවීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ ය.