ඉතිහාසය අලුත් කරමින් නකල්ස්වලින් මතුවූ සාක්ෂි

ඉතිහාසය අලුත් කරමින් නකල්ස් රක්ෂිතයෙන් මතුවූ සාක්ෂි

by Staff writer 17-08-2019 | 7:51 AM
COLOMBO (News 1st) : නකල්ස් වනාන්තරය ආශ්‍රිතව ලකේගල ප්‍රදේශයේ කළ ගවේෂණයකින් මෙරට ආදි මානවයා පිළිබඳව සාධක රැසක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ. අදාළ ගවේෂණය මෙහෙයවා ඇත්කේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතතයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසකි. මහචාර්ය රාජ් සෝමදේව මහතා සඳහන් කළේ, ගවේෂණයේදී ආදී මානවයගේ සුසාන ස්මාරක 15 කට අධික සංඛ්‍යාවක් ද සොයා ගත් බවයි. මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ, කඳුකර ප්‍රදේශවල ජීවත් වූ මෙරට ආදි මානවයගේ ජීවිතය පිළිබදව අධ්‍යයනයට මෙම සොයා ගැනීම් ප්‍රබල පිටිවහලක් වනු ඇති බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/436922427034016/