කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

කර්තෘ Staff writer

17 Aug, 2019 | 1:23 pm

COLOMBO (News 1st) : නුවරඑළිය – උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල, අයිස්පීල්ල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් මව සහ පියා මියගොස් ඔවුන්ගේ දරුවන් දෙදෙනා තුවාල ලබා තිබේ.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට නුවරඑළිය බලා ධාවනය වූ ත්‍රිරෝද රථකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]