by Staff writer 16-08-2019 | 2:19 PM
COLOMBO (News 1st) : හිඟුරක්ගොඩ, රජඇල කොතලාවල පාර ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය , නීති විරෝධිව ව්‍යාජ ලේඛන සකස් කළ ස්ථානයක් වටලා එය පවත්වා ගෙන ගිය 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, එම ස්ථානයේ තිබී ව්‍යාජ පොලිස් සහතික අධ්‍යාපන සහතික රියැදුරු බලපත්‍ර , විවාහ සහතික , වෛද්‍ය සහතික හා ග්‍රාම නිලධාරි සහතික රැසක් සොයා ගත් බවයි.
ඒවා මුද්‍රණයට යොදා ගත් , මුද්‍රණ යන්ත්‍ර දෙකක් සහ පරිඝණකයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී රාජ්‍ය ආයතනවලට අයත් නිල මුද්‍රා 86 ක්ද සොයා ගත් බවයි.
සැකකරු අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.