"පවුලේ අය රාජ්‍ය පාලනයට ගන්නේ නැහැ"

පවුලේ අය රාජ්‍ය පාලනයට ගන්නේ නැහැ - සජිත්ගෙන් පොරොන්දුවක්

by Staff writer 16-08-2019 | 9:31 PM
COLOMBO (News 1st) - ගම්පහ දොම්පේ මාලිගාවත්ත ශ්‍රී වනසෙවණ සදහම් විහාරස්ථානයේ ඉදිකළ දහම් පාසල් ගොඩනැගිල්ල අද සිසු අයිතියට පත් කළේ ය. ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 40කි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දොම්පේ ආසන සංවිධායක උපාලි ගුණරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.