by Staff writer 16-08-2019 | 3:23 PM
COLOMBO (News 1st) - නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට ගොස් සිටි පුද්ගලයින් 13 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා සඳහන් කළේ, බහු දින ධීවර යත්‍රා මගින් ඔවුන් ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බව ය.
එම පිරිස අද උදෑසන විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියහ.
එම පිරිස වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.