දෙහිවල වෙරළ තීරයට ඉන්දීය ධීවර බෝට්ටුවක් ගොඩ ගසයි

දෙහිවල වෙරළ තීරයට ඉන්දීය ධීවර බෝට්ටුවක් ගොඩ ගසයි

by Staff writer 16-08-2019 | 2:31 PM
COLOMBO (News 1st) : ඉන්දීය ධීවර බෝට්ටුවක් ඊයේ රාත්‍රියේ දෙහිවල වෙරළ තීරයට ගොඩගසා තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රී නවයට පමණ මෙම බෝට්ටුව දෙහිවල වෙරළ තීරයට ගොඩගසා ඇති බවයි. වෙරළ ආරක්ෂක නිලධාරින් සහ දෙහිවල පොලීසිය බෝට්ටුව පරීක්ෂා කිරීමෙන් බෝට්ටුව තුළ තිබී ධීවර ආම්පන්න කිහිපයක් සොයාගෙන තිබේ. මේ වන විටත් එම බෝට්ටුව දෙහිවල වෙරළ තීරයේ තිබෙන අතර අප වාර්තකරු සඳහන් කළේ, මේ පිළිබඳ පරීක්ෂන ආරම්භ කර ඇති බවයි.