තවත් NTJ සාමාජිකයෙකු අම්පාරේදී අත්අඩංගුවට

තවත් NTJ සාමාජිකයෙකු අම්පාරේදී අත්අඩංගුවට

by Staff writer 16-08-2019 | 2:58 PM
COLOMBO (News 1st) - NTJ හෙවත් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයෙකු වන නවුෆර් මවුලවිගේ පුත්‍රයා අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොහොමඩ් නවුෆර් අබ්දුල්ලා නමැති මොහු නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති බව ය. 16 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරුට ජාතික තවුහිත් ජමාත් සංවිධානය විසින් ලබා දී ඇති නාමය වන්නේ අබු හසාම් ය. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අම්පාර අරක්යාල කුකුණගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහුගේ පියා වන නවුෆර් මවුලවි ද දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවෙයි.