අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

by Staff writer 16-08-2019 | 3:57 PM
COLOMBO (News 1st) - අයිස් මත්ද්‍රව්‍ය තොගයක් තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ අද උදෑසන කළ මෙහෙයුමකදී නාවික හමුදාව භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සඳහන් කළේ, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික ප්‍රමාණයක් එහිදී සිය භාරයට ගත් බව ය. එම මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාර දෙන බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.