JMI ත්‍රස්ත ක්‍රියාකාරීන් 3ක් අම්පාරේදී අත්අඩංගුවට

JMI ත්‍රස්ත ක්‍රියාකාරීන් 3ක් අම්පාරේදී අත්අඩංගුවට

by Staff writer 15-08-2019 | 2:39 PM
COLOMBO (News 1st) : JMI තහනම් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරීන් තිදෙනෙකු අම්පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරකට අනුව අම්පාර පොලීසිය මොවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. මොහොමඩ් සහරාන් සමග සැකකරුවන් දෙදෙනෙකු නුවරඑළිය ප්‍රදේශයේදී අවි පුහුණුව ලබා ඇති අතර අනෙක් පුද්ගලයා හම්බන්තොටදී අවි පුහුණුව ලබා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.