මාදම්පිටියේදී අපරාධ කල්ලි 2ක් ගැටී දෙදෙනකු මරුට

මාදම්පිටියේදී අපරාධ කල්ලි 2ක් ගැටී දෙදෙනකු මරුට

by Staff writer 15-08-2019 | 5:59 PM
COLOMBO (News 1st) : ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමිය අසලදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයින් දෙදෙනකු ඝාතනය කර තිබේ. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් තවත් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට තියුණු ආයුධවලින් ඇන මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ආරවුලක් මත අද පස්වරුවේ මෙම ඝාතන සිදුව ඇති බවයි. බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය පුද්ගලයින් අතර සංවිධානාත්මක අපරාධකරුවකු වන ආනමාළු රංග නමැත්තා ද වන බව පොලීසිය පැවසී ය.