තව ත් ගිවිසුමට අද අත්සන් තබයි...

මන්නාරම සහ කාවරී ද්‍රෝණිවල ගුවන්ගත දත්ත රැස් කිරීමේ ගිවිසුමට අද අත්සන් තබයි

by Staff writer 15-08-2019 | 6:50 AM

COLOMBO (News 1st) - මන්නාරම, කාවරී ද්‍රෝණිවල ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම අද සිදු වේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සහ ස්කොට්ලන්තයේ බෙල්ජියෝ එන්ටර්ප්‍රයිසස් සමාගමේ සාමාන්‍යාධිකාරී ජෝන් මැක්ෆාලේන් යන මහත්වරුන් ඊට අත්සන් තබනු ඇති. ගුවන්ගත චුම්භක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීමේ ව්‍යාපෘතියක් එලෙස මෙරට දියත් කෙරෙන්නේ ප්‍රථම වතාවටයි. රැස්කර ගන්නා දත්ත අනුව තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා ආයෝජකයින් අවස්ථා සැළසෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා සඳහන් කළේ ය.