නියඟයෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක් විනාශයි

නියඟයෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක් විනාශයි

by Staff writer 15-08-2019 | 7:44 AM

COLOMBO (News 1st) - නියඟය හේතුවෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ රංජිත් පුණ්‍යවර්ධන මහතා සඳහන් කළේ, ප්‍රධාන ජලාශ 72 යටතේ හෙක්ටයාර පන් ලක්ෂ 509 ක මෙවර වී වගා කර ඇති බවයි. අතිරේක බෝග වගා කර ඇති හෙක්ටයාර ප්‍රමාණය 43000 කි. ඊට අමතරව මධ්‍යම ජලාශ 272 න් ලබාගත් ජලයෙන් හෙක්ටයාර 68,735 ක වී සහ හෙක්ටයාර 6468 ක අතිරේක බෝග වගා කර තිබේ. මේ වන විට යල කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කර ඇතැයි ද රංජිත් පුණ්‍යවර්ධන මහතා සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොමැති වීම හේතුවෙන් ඉදිරි මහ කන්නයේ වගාව ආරම්භ කිරීම ද අවදානම් මට්ටමක පවතින බවයි.