නිට්ටඹුවේදී බස් රථයක් වාහන 6ක ගැටීමෙන් 5කට තුවාල

නිට්ටඹුවේදී බස් රථයක් වාහන 6ක ගැටීමෙන් 5කට තුවාල

by Staff writer 15-08-2019 | 3:28 PM
COLOMBO (News 1st) - කොළඹ - නුවර පාරේ නිට්ටඹුව මංසන්ධියේදී බස් රථයක්, වාහන 6ක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, නුවර සිට කොළඹ බලා පෙර පාසල් සිසුන් රැගෙන චාරිකාවක් යමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇති බව ය. බස් රථය, මෝටර් රථ දෙකක, වෑන් රථයක, ත්‍රිරෝද රථයක සහ යතුරු පැදි දෙකක ගැටී තිබේ. අනතුරින් පෙර පාසල් සිසුන්ට කිසිදු හානියක් සිදුව නොමැත. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස් රථයේ රියැදුරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.