ජනාධිපතිවරණය ගැන ශ්‍රීලනිපයේ ස්ථාවරය සැප්තැම්බර් 3

ජනාධිපතිවරණය ගැන ශ්‍රීලනිපයේ ස්ථාවරය සැප්තැම්බර් 3 වැනි දා

by Staff writer 15-08-2019 | 11:30 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ලබන 3 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුමේදී එය ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බව ද මහින්ද අමරවීර මහතා එහිදී ප්‍රකාශ කළේ ය.