ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-08-2019 | 6:12 AM

දේශීය පුවත්

1. 2020 අයවැය වෙනුවට පරිපූරක ඇස්තමේන්තුවක්: ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. 2. කොළඹ සිට අරුවක්කාලු ගිය කසළ ලොරි දෙකක් එකිනෙක ගැටෙයි: පුත්තලම අරුවක්කාලු අංගනයට බැහැර කිරීම සඳහා කොළඹ සිට කසළ රැගෙන ගිය ලොරි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු විය. 3. මිල්ලකන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටමට ළඟා වෙයි: රත්නපුර ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම පහළ ගිය ද මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම සුළු ගංවතුර මට්ටම දක්වා ළඟා වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 4. ලබන වසර සඳහා පෙළපොත් බෙදා හැරීම 16 වන දා සිට: ලබන වසර සඳහා නොමිලේ ලබා දෙන පෙළපොත් බෙදා හැරීම ලබන 16 වන දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විදෙස් පුවත්

5. අමෙරිකානු ජනපතිගෙන් ලෝක වෙළෙඳ සංවිධානයට අනතුරු ඇඟවීම්: අවශ්‍ය වුවහොත් ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වීමට වුවද සූදානම් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.