නියඟයෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක් විනාශයි

නියඟයෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක් විනාශයි

නියඟයෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක් විනාශයි

කර්තෘ Staff writer

15 Aug, 2019 | 7:44 am

COLOMBO (News 1st) – නියඟය හේතුවෙන් යල කන්නයේ වී හෙක්ටයාර 4362 ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන දේශගුණ විද්‍යාඥ රංජිත් පුණ්‍යවර්ධන මහතා සඳහන් කළේ, ප්‍රධාන ජලාශ 72 යටතේ හෙක්ටයාර පන් ලක්ෂ 509 ක මෙවර වී වගා කර ඇති බවයි.

අතිරේක බෝග වගා කර ඇති හෙක්ටයාර ප්‍රමාණය 43000 කි.

ඊට අමතරව මධ්‍යම ජලාශ 272 න් ලබාගත් ජලයෙන් හෙක්ටයාර 68,735 ක වී සහ හෙක්ටයාර 6468 ක අතිරේක බෝග වගා කර තිබේ.

මේ වන විට යල කන්නයේ අස්වනු නෙලීම ආරම්භ කර ඇතැයි ද රංජිත් පුණ්‍යවර්ධන මහතා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ප්‍රමාණවත් ජල ධාරිතාවක් නොමැති වීම හේතුවෙන් ඉදිරි මහ කන්නයේ වගාව ආරම්භ කිරීම ද අවදානම් මට්ටමක පවතින බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]