ගොඩනැගිල්ලක් ගැනීමේ මුවාවෙන් සිදුවන අත යට ගනුදෙනුව

විදුලිබල අමාත්‍යංශයට කුලී පදනම මත ගොඩනැගිල්ලක් මිලට ගැනීමේ මුවාවෙන් සිදු වන අත යට ගනුදෙනුව

by Staff writer 14-08-2019 | 12:02 PM
COLOMBO (News 1st) - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කොළඹ 02 නවම් මාවතේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබා ගැනීමේ උත්සහයක් පිළිබඳව අවස්ථා කිහිපයකදීම නිව්ස්ෆසට් වාර්තා කළේ ය. එම ගොඩනැගිල්ල අමාත්‍යංශය ලබා ගැනීමට යන්නේ අධික මුදලකට ය. විදුලිබල අමාත්‍යංශය වසර 10ක් මුළුල්ලේ පවත්වාගෙන යන ගොඩනැගිල්ල සඳහා ගෙවීම් සිදු කරනු ලබන්නේ වර්ග අඩියකට රුපියල් 76ක් ලෙසයි. නමුත් අමාත්‍යංශය නව ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමට යන්නේ වර්ග අඩියකට රුපියල් 260ක් ලෙස ය. අදාළ ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා මුදල් අමාත්‍යංශය දැක්වූ විරෝධතාව හේතුවෙන් අමාත්‍යංශයේ අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් ලංකා විදුලි පුද්ගලික සමාගමෙන් අදාළ ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා අවශ්‍ය වන මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ සඳහා අවශ්‍ය වන මුදල රුපියල් විසි කෝටි අට ලක්ෂයකි. අමාත්‍ය මණ්ඩල අනුමැතිය මෙලෙස හිමිව ඇත්තේ, මෙම ගනුදෙනුවේ කිසිදු විනිවිද භාවයක් නොමැති පසුබිමකදී ය. කෙසේ වෙතත් ලංකා විදුලි පුද්ගලික ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂවරිය අදාළ මුදල ගෙවීමට නොහැකි බව පවසා තිබේ. නමුත් එම මුදල ගෙවීමට කටයුතු කරන්නැයි ඇයට මේ වන විට බලපෑම් එල්ල වෙමින් තිබේ. විමර්ශන සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.