ලබන වසර සඳහා පෙළපොත් බෙදා හැරීම 16 වන දා සිට

ලබන වසර සඳහා පෙළපොත් බෙදා හැරීම 16 වන දා සිට

by Staff writer 14-08-2019 | 11:25 AM
COLOMBO (News 1st) - ලබන වසර සඳහා නොමිලේ ලබා දෙන පෙළපොත් බෙදා හැරීම ලබන 16 වන දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2019 වසරේ අවසන් වාරයේ පාසල් නිවාඩුවට පෙර සියලු පාසල් දරුවන්ට 2020 වසරට අදාළ පෙළපොත් ලබා දීම මෙහි අරමුණ ය. මීට අමතරව ගුරුවරුන්ට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා දිය යුතු බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යංශය සඳහන් කළේ ය. සියලු ජාතික පාසල් හා සිසුන් 1500කට වැඩි පළාත් පාසල් සඳහා සෘජුවම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පෙළපොත් සහ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ ලබා දීම මේ යටතේ සිදු වනු ඇති. සෙසු සියලු පාසල් සඳහා 2020 වසරට අදාළ පෙළපොත් දිවයින පුරා කොට්ඨාස කාර්යාල හා තෝරා ගත් පාසල්වල ස්ථාපිත කර ඇති බෙදා හැරීමේ මධ්‍යස්ථාන මගින් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.