ලබන වසර සඳහා අයවැයක් වෙනුවට පරිපූරක ඇස්තමේන්තුවක්

ලබන වසර සඳහා අයවැයක් වෙනුවට පරිපූරක ඇස්තමේන්තුවක්

by Staff writer 14-08-2019 | 6:55 AM
COLOMBO (News 1st) - ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ. රජයේ අමාත්‍යවරයෙකු පැවසුවේ, ඒ සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වූ බව ය. මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුලදී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුව ලබන නොවැම්බර් මස මැදදී පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.