ලබන මාසයේ දීප ව්‍යාප්ත වන අලි සංගණනයක්

ලබන මාසයේ දීප ව්‍යාප්ත වන අලි සංගණනයක්

by Staff writer 14-08-2019 | 10:37 AM
COLOMBO (News 1st) - දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන මස 13-14 දෙදින පුරා එය සිදු කෙරෙන බව ය. මෙරට වන අලි ගැවසෙන ප්‍රදේශ සියල්ලම ආවරණය වන පරිදි සමීක්ෂණ ස්ථාන 2229කදී සමීක්ෂකයින් 7316 දෙනෙකු යොදාගෙන මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසන් වරට වන අලි සමීක්ෂණයක් සිදු කර තිබුණේ 2011 වසරේදී ය. එහිදී මෙරට සිටින වන අලි ගහණය 5879ක් ලෙස ගණන් බලා තිබිණි. මෙම සමීක්ෂණය සඳහා බාහිර පුද්ගලයින් සහභාගී කර ගැනීමට ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. ඒ අනුව 011-2888585 දුරකතන අංකය අමතා සමීක්ෂකයෙක් ලෙස ලියාපදිංචි විය හැකි බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර වන අලි පහර දීමකින් අද අලුයම තන්තිරිමලේ ඉදිගස්පතාන ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය පැවසුවේ, සිය නිවස ඉදිරිපිටදී ඔහුට මෙම වන අලි ප්‍රහාරය එල්ල වී ඇති බව ය. මිය ගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි.