by Staff writer 14-08-2019 | 4:12 PM
COLOMBO (News 1st) - රත්නපුර ප්‍රදේශයෙන් කළු ගඟේ ජල මට්ටම පහළ ගිය ද මිල්ලකන්ද ප්‍රදේශයෙන් ජල මට්ටම සුළු ගංවතුර මට්ටම දක්වා ළඟා වෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ හේතුවෙන් පාලින්දනුවර, බුලත්සිංහල, කිරිඇල්ල, ඉංගිරිය, මදුරාවල, මිල්ලනිය සහ කළුතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල කළු ගඟ අවට පහත්බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටිය යුතු බවයි.
මේ අතර පසුගිය පැය 4 තුළ කළු ගඟේ ජල ධාරා ප්‍රදේශ වෙත සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නැත.
මේ හේතුවෙන් රත්නපුර ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ වනවිට රත්නපුර ප්‍රදේශයේ කළු ගඟේ ජල මට්ටම මීටර් 6.83 දක්වා පහළ ගොස් තිබේ.
කළු ගඟේ ජල මට්ටම මීටර් 7.5 ඉක්ම වූ පසු රත්නපුර ප්‍රදේශයේ සුළු ගංවතුර මට්ටම ලෙස සැලකේ.