නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදයි

by Staff writer 14-08-2019 | 7:04 AM
COLOMBO (News 1st) - නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ විශේෂිත සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය වැදගත් වී තිබේ. ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළැඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළැඹීම සිදු කරනු ලබයි. අජාසත් රජුගේ දායකත්වයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා රජගහ නුවරදී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ දිනය ලෙස ද මේ පොහෝ දිනය සැලකේ. ආනන්ද හිමියන් රහත් භාවයට පත් වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම නිකිණි පෝය දින වැදගත් සිදුවීම් අතර ප්‍රධාන යි.