by Staff writer 14-08-2019 | 10:18 AM
(News 1st) - අවශ්‍ය වුවහොත් ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වීමට වුවද සූදානම් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
මීට පෙර ද ලෝක වෙළෙඳ සංවිධානයට එරෙහිව වරින් වර තර්ජනාත්මක ප්‍රකාශ කළ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳ සංවිධානයේ අසාධාරණකම්වලට ලක් වීමට අමෙරිකාව තවදුරටත් සූදානම් නැති බව ය.
ලෝක වෙළෙඳ සංවිධානයේ නීතිවලට අමෙරිකාව බැඳී නොසිටින බවත්, සිය කොන්දේසි වැඩි දියුණු කර ගැනීමට එම සංවිධානය පියවර නොගන්නේ නම් ඉන් ඉවත් වන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.