ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද යි

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද යි

කර්තෘ Staff writer

14 Aug, 2019 | 5:16 pm

COLOMBO (News 1st) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර අද රාත්‍රී 8.05 ට යෙදෙන සුබ මොහොතින් විථි සංචාරය කිරීමට නියමිතයි.

සධාතුක කරඬුව මෙවර වඩම්මනු ලබන්නේ කතරගම වාසනා හස්ති රාජායා ය.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ, පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් සියලු පහසුකම් සකස් කර ඇති බවයි.

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව නිව්ස්ෆස්ට් ප්‍රාදේශිය වාර්තාකරු සඳහන් කළේ ය.

ශ්‍රී දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැරට අලි ඇතුන් සූදානම් වන ආකාරය නිව්ස්ෆස්ට් කැමරාවේ සටහන් වූ අයුරු…

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]