IOC ඉන්ධන මිලත් අද මැදියම් රැයේ සිට ඉහළට

IOC ඉන්ධන මිලත් අද මැදියම් රැයේ සිට ඉහළට

by Staff writer 13-08-2019 | 8:42 PM
COLOMBO (News 1st) - අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 138ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 4කිනි. ඒ අනුව එහි නව මිල රුපියල් 163කි. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 134කි. රුපියල් 104ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනය කර නොමැත. මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව යුරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 166කි. යුරෝ ෆෝ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 134කි.