ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් තරගාවලිය හෙට ඇරඹේ

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

by Staff writer 13-08-2019 | 10:43 AM

COLOMBO (News 1st) - තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවීමට නියමිත වේ.

ශ්‍රී ලංකා - නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි. ඒ සඳහා සහභාගී වන දෙරටේම ක්‍රීඩකයින් ඊයේ දිනයේදී පුහුණු සැසි සඳහා සහභාගී වූ අතර ඔවුන් අද දිනයේදී සිය අවසන් පුහුණු සැසිය සඳහා සහභාගීවීමට නියමිත වේ. නවසීලන්ත කණ්ඩායම මෙරටදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවයි. තව ද නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයක් අවසන් වරට ජයගෙන ඇත්තේ පසුගිය 2012 වසරේදීවීම විශේෂත්වයකි. නවසීලන්ත කණ්ඩායම අවසන්වරට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වී ඇත්තේ 2012 වසරේදී යි. අවසන් වරට නවසීලන්තය සහා ශ්‍රී ලංකාව සමග පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ජය ගත්තේ නවසීලන්තයයි. ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර මේ දක්වා ටෙස්ට් තරග 34 ක් පවත්වා ඇති අතර ඉන් නවසීලන්තය තරග 15 ක් ජය ගෙන තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 8 කි. දෙරට අතර පැවැති තරග 11 අවසන් වී ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.