ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ

රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර වසා දැමේ

by Staff writer 13-08-2019 | 1:05 PM

COLOMBO (News 1st) - රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක් හේතුවෙන් ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා තිබේ.

පොලීසිය සඳහන් කළේ, විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කිරීමේදී මාර්ගය වසා දැමු බවයි. ඔවුන් විරෝධතාවයේ නිරත වන්නේ, උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේදී විවිධ විෂමතාවන්ට සහ අපසුතාවන්ට ලක්වන බව පවසමිනි. මීට පෙර අවස්ථා කිහිපයකදීම රැකියා විරහිත උපාධිධාරීන් මෙම කාරණාව මුල් කර ගනිමින් කොළඹදී විරෝධතාවයේ නිරත විය.