රත්නපුර - වේවැල්වත්ත මාර්ගයේ පස් කඳු කඩා වැටීම්

රත්නපුර - වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම්

by Staff writer 13-08-2019 | 4:07 PM
COLOMBO (News 1st) - අධික වැසි සමග රත්නපුර - වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම සංවිධානය ප්‍රකාශ කළේ, ඒ හේතුවෙන් එම මාර්ගය භාවිතයේදී දැඩි ලෙස විමසිලිමත් විය යුතු බව ය. මේ අතර ගිනිගත්හේන ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීමෙන් වෙළෙඳ සල් දෙකකට හානි වී තිබේ. අප වාර්තාකරුවන් පැවසුවේ, තවත් වෙළෙඳ සල් 5ක් අවදානම් තත්ත්වයේ පවතින බව ය. මේ අතර කොටගල මේෆිල්ඩ් වතුයායේ පස් කන්දක් කඩා වැටීමත් සමග නිවාස 4ක සිටි ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ.