යාපනයෙන් කේරළ ගංජා කිලෝ 39 ක්

යාපනයේදී කේරළ ගංජා කිලෝ 39 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

by Staff writer 13-08-2019 | 12:29 PM

COLOMBO (News 1st) - යාපනය, පණ්ඩතිරිප්පු ප්‍රදේශ‍යේ කළ වැටලීමකින් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, කේරළ ගංජා කිලෝග්‍රෑම් 39 කට අධික ප්‍රමාණයක් සැකකරු සන්තකයේ තිබී සිය භාරයට ගත් බවයි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික වේ. පණ්ඩතිරිප්පු ප්‍රදේශයේ නිවසක් තුළ සඟවා තිබියදී අද උදෑසන එම කේරළ ගංජා තොගය සොයා ගත් බව නාවික හමුදාව සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි අයෙකි. මේ අතර කීරමලේ ප්‍රදේශය ආශ්‍රිත වෙරළ තීරයේදී කළ මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී.