කටුනායක ගුවන්තොටුපොළේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක්

කටුනායක ගුවන්තොටුපොළේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු

by Staff writer 13-08-2019 | 6:55 AM

COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක වී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි ප්‍රධාන ජාවාරම්කරු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය. මේ අතර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් දින හතක රැඳවුම් නියෝග ලබා වැඩිදුර විමර්ශනය සිදු කෙරෙන බව පොලීසිය පැවසුවේ ය. පෙරේදා (11) දහවල් එලෙස අත්අඩංගුවට ගැණුනේ 33 සහ 24 හැවිරිදි වියේ පසුවන කටුගස්තොට සහ මාතලේ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් මත කළ වැටලමකදී ඉන්දියාවේ සිට පැමිණි සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් අතර ඔහුව රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ද පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ සිට පැමිණි සැකකරු සන්තකයේ තිබී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 45 කි.