ඉන්ධන මිලට කුමක් වෙයි ද?

ඉන්ධන මිල සංශෝධනය අද

by Staff writer 13-08-2019 | 6:53 AM

COLOMBO (News 1st) - ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදුවීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරේ. මුදල් අමාත්‍යංශය පැවසුවේ, පසුගිය 10 වන දා සෙනසුරාදා දිනයක් බැවින් එය අද දිනය දක්වා කල් දැමීමට පියවර ගත් බවයි. කෙසේ වෙතත් මේ මාසයේ මුල් සතියේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.