ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

කර්තෘ Staff writer

13 Aug, 2019 | 7:26 pm

COLOMBO (News 1st) – ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 138කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ඉහළ දමා ඇත්තේ රුපියල් 4කින් වන අතර එහි නව මිල 163ක් වනු ඇති.

ඔටෝ ඩීසල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැත.

කෙසේ වෙතත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 134කි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]