හපුතලේදී ලොරි රථයක් පෙරළීමෙන් අයෙක් මරුට

හපුතලේදී ලොරි රථයක් පෙරළීමෙන් අයෙක් මරුට

by Staff writer 12-08-2019 | 10:10 AM
COLOMBO (News 1st) - හපුතලේ, අවිස්සාවේල්ල, චෙන්කලඩි මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, බෙරගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ළමා නිවසක් ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බව ය. අනතුරින් ලෙරි රථයේ රියැදුරු සහ තවත් අයෙකු බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියැදුරු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අනතුරින් මිය ගොස් ඇත්තේ, බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.