සජිත් පිළිගැනීමේ විශේෂ රැළිය බදුල්ලේදී ඇරඹෙයි

by Staff writer 12-08-2019 | 4:38 PM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ ජනතා රැළිය මීට සුළු මොහොතකට පෙර බදුල්ල විල්ස් පාර්ක් පිටියේදී ආරම්භ විය.

රැළිය ආරම්භ කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතා විල්ස් පාර්ක් පිටියට පැමිණීමෙන් අනතුරුවයි. මෙම උත්සවයට විශාල ජනතාවක් පැමිණ සිටින ආකාරය අපට දැකගත හැකි විය.