මිලියන 25ක කේරළ ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට

මිලියන 25ක කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 12-08-2019 | 1:43 PM
COLOMBO (News 1st) - නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කළ වැටලීමකින් රුපියල් මිලියන 25කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කන්කසන්තුරේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීමකිනි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කේරළ ගංජා කිලෝග්‍රෑම් 80කට අධික තොගයක් සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව ය. නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වැටලීම ක්‍රියාත්මක කර තිබේ.