පළාත් කිහිපයක සුළගේ වේගය ඉහළට

පළාත් කිහිපයක සුළගේ වේගය ඉහළට

by Staff writer 12-08-2019 | 1:57 PM
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද සුළං ඇති වීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව සඳහන් කළේ ය. එහි වැඩිදුරටත් දැක්වු‍ණේ, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා ඉහළ යා හැකි බව ය. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා ඉහළ යා හැකි ය. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස තද සුළං ඇති වීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.