ජවිපෙ ජනපති අපේක්ෂකයා කවු ද?

by Staff writer 12-08-2019 | 9:46 PM

COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ අද බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්,
අලුත් විකල්ප බලයක් දැන් රට ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවට සුපිලිපන් දේශපාලන සංස්කෘතියක් උදා කරලීම උදෙසා කියන මේ ප්‍රකාශනය නිකුත් කළේ මහානායක හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම කාදිනල් මැල්කම් රංජිත් ඒතුමාගේ මැදිහත්වීමෙනි. ඒහි නිර්ණායක ගණනාවක් තියෙනවා. ඒ නිර්ණායක ඉතා පැහැදිලිව කියනවා නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබානොදීම. ඒ වගේම පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබානොදීම. අද රටට අවශ්‍යවන්නේ මේ සුදුසුකම්වලට යටත්වෙන්න පුළුවන් අපේක්ෂකයන්. අපි ජනතාව බලාපොරොත්තුවෙන විකල්ප බලවේගය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ප්‍රගතිශීලී සංවිධාන ගණනාවක් එකතු වෙලා තියෙනවා. ජාතික ජන බලවේගය සංවිධානය අපි ගොඩනගනු ලැබුවා. විකල්පයේ අපේක්ෂකයා ලබන 18 වන දා කොළඹ ගෝලිෆේස් පිට්ටනියේ පැවැත්වෙන ජාතික ජනතා රැළියෙදී අපි ජනතාව ඉදිරියට ගේනවා.
ප්‍රශ්නය,
පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. ඒක අභියෝගයක් නෙමෙයි ද?
පිළිතුර,
අර නිර්දේශ ඒකක්වත් නැතිකෙනෙක් ඒ. රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කරපු දුර්වලම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඔහුට මේ රට වෙනස් කරන්න බෑ කියන ඒක අලුතෙන් කතා කරන්න දෙයක් නෑ.
ප්‍රශ්නය,
අපේක්ෂකයා ජනතා විමුක්ති පෙරමුණේම සාමාජිකයෙක් ද?
පිළිතුර,
ජාතික ජන බලවේගය සංවිධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා. දේශපාලන ක්‍රියාකාරිකයෙක්. දේශපාලන ක්‍රියාකාරී බවක් නැතිකෙනෙක් රටක් භාර ගන්න කොහෙත්ම සුදුසු නැහැ.