“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
කර්තෘ Staff writer
COLOMBO (News 1st):
“මම බිය ගුල්ලෙක් නෙවෙයි. මට හයිය තියෙනවා. මම බය නෑ. මට ශක්තිය තියෙනවා. මේ රටේ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ වුණත් මම මැරෙන්න වුණත් ලෑස්තියි කියලා මම තමුන්නාන්සේලාට කියනවා”
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස සිය අදහස් පල කළේ, බදුල්ල විල්ස් පාර්ක් පිටියේ පැවති විශේෂ පිළිගැනීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.
අද පැවති එම උත්සවයට විශාල ජනකායක් රැස්ව සිටියහ.
දේශීය ව්‍යාපාරිකයින් ශක්තිමත් කර අපේකමට මුල්තැන දී ඉල්ලකගත ක්‍රමවේදයක් තුළින් රට දියුණු කරන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
“සංවර්ධනය තුළින් හැමෝම දිනන්න ඕන. කොටසකට විතරක් සහන ලබා දීලා හරියන්නේ නැහැ”
සංවර්ධනය තුළින් හැමෝම ජයග්‍රහණය කළ යුතු බව ත් සංවර්ධනයේ ප්රතිලාභ කොටසකට පමණක් ලබා දීමෙන් රට දියුණු කළ නොහැකි බව සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ඔහු රැළිය අමතමින් සඳහන් කළේ, සෑම උප දිසාපති කොට්ඨාශයකම ජාත්‍යන්තර මට්මේ අධ්‍යාපනයක් ලබා දීමට අවශ්‍ය ආයතනයක් පිහිටුවන බව ත් පරිගණක සාක්ෂරතාව වැඩි කිරිමට අවශ්‍ය කටයුතු තමන් විසින් ඉදිරියේදී සම්පාදනය කරන බව ය.
“හැමදෙනාම දිනවන අලුත් මාතෘ භූමියක් නිර්මාණය කරනවා”
රණවිරුවන්ගේ අභිමානය සුරකින ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
ඒ වගේම තම පාලනය යටතේ රටට අහිතකර, ජනතාවට වින කරන, ආරක්ෂක, දේශපාලන හා වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් නොතබන බව සජිත් ප්‍රේමදාස කියා සිටියේය.
“රටේ ජනතාවට බඳ පටිය තද කර ගන්න කියලා මම මගේ බඳ පටිය ලිහිල් කර ගන්නේ නෑ”
සජිත් ප්‍රේමදාස මෙලෙස සඳහන් කරමින් කියා සිටියේ තමන් දිව දෙකේ දේශපාලනඥයෙක් නොවන බව ය.
රටේ ජාතික ආදායමෙන් 54%ක්ම බුක්ති විඳින්නේ රට තුළ සිටින පොහොසත්ම 20% බව ත් මෙය ඉතා අසාධාරණ ක්‍රමවේදයක් බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්ද පෙනී සිටින බව සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරට ත් අවධාරණය කළේය.
- කොළඹ – බදුල්ල දෙනුවර මැණිකේ ධාවනය තාවකාලිකව අත්හිටුවයි
- බස්නාහිරින් පිටවන පුද්ගලයින්ට ස්ථාන 12කදී කොරෝනා පරීක්ෂණ
- වල්සපුගල ගොවීන් අද දේව කන්නලව්වක..
- අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලයත් සමග ගෘහස්ත ත්‍රස්තවාදි හිස එසවිය හැකි බවට අනතුරු ඇඟවීමක්…
- 2020 ලොව හොඳම භූගත ව්‍යාපෘති 4 අතරට උමා ඔය ව්‍යාපෘතියත්
- පුත්තලමේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට
- AstraZeneca Covishield කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද මෙරටට: එන්නත්කරණය හෙට සිට ඇරඹේ
- දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- අසන්තා ද මෙල් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි