ඇලිස් වේල්ස් සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්

විපක්ෂ නායකවරයා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් අතර හමුවක්

by Staff writer 11-08-2019 | 11:55 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා දකුණු ආසියාව භාර සහකාර ලේකම් ඇලිස් වේල්ස් මෙනවිය අද පෙරවරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවූවා ය. ඒ විපක්ෂ නායක නිල නිවසේදීයි. එම අවස්ථාවට ඇමෙරිකානු තානාපතිනි අලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය එක්ව සිටියා ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම අද පස්වරු 3 ට සිදු කිරීමට නියමිත අතර එවන් පසුබිමක අද පෙරවරුවේ මෙම හමුව සිදුවීම විශේෂත්වයකි. https://www.youtube.com/watch?v=dgNqS7aUwTs