පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක වෙඩි තැබීමක්

පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

by Staff writer 11-08-2019 | 6:59 AM
COLOMBO (News 1st) : පොල්ගහවෙල, කහවත්තේඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකෑමට ආ තුවක්කුකරුවන් දෙදෙනෙකු එහි සේවකයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අද අලුයම එල්ල කළ මෙම වෙඩි තැබීමෙන් 27 හැවිරිදි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. සේවකයාට වෙඩි තැබීමෙන් පසු කොල්ලකරුවන් මුදල් කොල්ල කා පලා ගොස් තිබේ. කොල්ලකරුවන් අංක තහඩු රහිත යතුරුපැදියකින් ජැකට් හා හිස්වැසුම් පැළඳ පැමිණ ඇතැයි, පොලීසිය පැවසී ය. වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ සේවකයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. කොල්ලකන ලද මුදල් ප්‍රමාණය මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.