පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කෙරේ

by Staff writer 11-08-2019 | 4:04 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද නම් කෙරුණි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම පක්ෂයේ නායකත්වය භාර ගැනීම ද සිදු කෙරුනේ ඊට සමගාමීවයි. ශ්‍රී ලංකා පොදුන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණේ විශාල ජනකායකගේ සහභාගීත්වයෙනි. සම්මේලනය ආරම්භයේදීම මහින්ද රාජපක්ෂ මහතා වෙත නායකත්වය භාර කෙරුණේ පක්ෂ සභාපති ජී.එල්.පීරිස් මහතාගේ යෝජනාවකිනි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකවරයා ලෙස නම් කළේ ද මහින්ද රාජපක්ෂ මහතා ය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඩිලාන් පෙරේරා, සරත් අමුණුගම, එස්. බී දිසානායක යන මහත්වරුන් ද පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයට එක් ව සිටියහ.