පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 165 ක් අත්අඩංගුවට

පැය 24 ක් තුළ බීමත් රියැදුරන් 165 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 11-08-2019 | 1:45 PM

COLOMBO (News 1st) - අද උදෑසන 6.00 න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 165 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, පසුගිය මස 05 වැනි දා සිට මේ දක්වා කළ මෙහෙයුම්වලින් බීමත් රියැදුරන් 7967 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. දිවයින පුරා බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළේ ය.