ගෝඨාභය සමග ජනාධිපතිවරණ සටනට සජිත් ප්‍රේමදාසත් සූදානම්...

by Staff writer 11-08-2019 | 8:23 PM

COLOMBO (News 1st) - සැමට සෙවණ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහනේ 246 වැනි නව ගම්මානය අද අනුරාධපුරයේදී විවෘත කෙරුණි.

නිවාස 28 කින් යුතුව තිරප්පනේ දෙමටෑගම ප්‍රදේශයේ ඉදි කර තිබෙන මෙම ගම්මානය නම් කර ඇත්තේ සෑ දසුන්ගම ලෙසයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ නව උදා ගම්මානය ජනතා අයිතියට පත් කළේ ය. මෙම ගම්මානය අංග සම්පූර්ණව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 279 කි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස,
තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේර ගත්තේ අපේ වීරෝධාර රණ විරුවෝ. මම අහන්න කැමතියි රටක් හැටියට රට දැය බේරගත්ත රණ විරුවන්ට අපි යුතුකම් ඉශ්ට කරලා තිබෙනවද? ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලත් රණවිරුවට ඉඩමක් දෙන්න යනකොට ලැජ්ජ නැතුව සල්ලි ඉල්ලනවා. ලැජ්ජයි. ඒ ක්‍රමය වැරදියි. ඒ ක්‍රමය මම වෙනස් කරනවා. රණවිරු ගම්මානවල ඉඩම් අපි ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. තිස් වසරක යුද්ධය ජයග්‍රහනය කරපු රණවිරුවා සුරකින්නේ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාසයි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මම ඉදිරිපත් වෙනවා. මම කියනවා ඔබතුමන්ලාට මට දෙන්න ජනාධිපති හැන්ද මම අනිවාර්යෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවත්, රටේ ජනතාවත් දිවි හිමියෙන්ම සජිත් ප්‍රේමදාස රකිනවයි කියලා මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. එක්සත් ජාතික පක්ෂය පා.ම, චන්දිම ගමගේ, ඔය ගෝඨාභයලා මොන රාජපක්ෂ ආවත් ඊළඟ ජනාධිපතිවරණය දිනන්නේ අපි. මේ වෙනකොට අපි පසුපෙළ මන්ත්‍රීවරු වශයෙන් ඒ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා එතෙන්ට ගේන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් පවතිනවා. ඒ උත්සාහයට කව්රු හරස් වුනත් ඒක වලක්වන්න බැරි බව මම මේ අවස්ථාවේදී විශේෂයෙන් මතක් කරන්නට ඕන.
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය, චන්ද්‍රානි බණ්ඩාර
කිසිම බේදයකින් විවාදයකින් තොරව මම විතරක් නෙමේ අද සමස්ත රටේ ජනතාව ඉල්ලන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව. මේ ඊළග 2020 එන ජනාධිපතිවරණයට. අපේ ජනතාව ඉල්ලන දේ එක්ක තමයි අපි හිටගන්න ඕන. ජනතාව කියනවනම් මේ කෙනා තමයි ඉදිරියේදි මේ රට භාර ගත යුත්තේ කියල එහෙම නම් අපි ඉන්න ඕන එතන. ගෝඨාභය නෙමෙයි කවුරු ආවත් අපිට ප්‍රශ්නයක් නෑ.