by Staff writer 10-08-2019 | 12:38 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
ඒ ,විපක්ෂ නායකවරයාගේ කොළඹ විජේරාම ප්‍රදේශයේ පිහිටි නිළ නිවසේදීයි.
මෙහිදී හෙට දවසේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මහා සමුළුව සම්බන්ධයෙන් විශේෂ තීන්දු තීරණ රැසක් ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.
හෙට දවසේදී නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය සඳහා යෝජිත නම පිළිබඳව පක්ෂ නායකයින්ගේ අවසන් එකඟතාව ලබා ගැනීමට ද එහිදී නියමිතව තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ සමුළුව හෙට පැවැත්වේ.