ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

by Staff writer 10-08-2019 | 3:58 PM
COLOMBO (News 1st) - බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගිනිකොණ සහ බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යා හැකි ය. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිත සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් තවදුරටත් ධීවර කටයුතුවලින් වැළකී සිටින්නැයි ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ධීවර ප්‍රජාවට දැනුම් දෙයි.