ඉන්ධන මිල සංශෝධනය අද සිදු නොවෙයි

ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණය ලබන අඟහරුවාදා

by Staff writer 10-08-2019 | 9:33 AM
COLOMBO (News 1st) : ඉන්ධන මිල සංශෝධනය අද දිනයේ සිදුනොවන බව මුදල් අමාත්‍යංශය පවසයි. මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කෙරෙයි. මුදල් අමාත්‍යංශය පැවසුවේ, අද සෙනසුරාදා දිනයක් බැවින් එය ලබන අඟහරුවාදා දින දක්වා කල් දමා ඇති බවයි.