ආශිර්වාද ලද ගම්මැද්ද

ආශිර්වාද ලද ගම්මැද්ද

by Staff writer 10-08-2019 | 9:11 PM
COLOMBO (News 1st) - පාලකයන් දුක් විඳින ජනතාව දකින්නේ ඡන්ද කාලයේදී පමණයි. දුකට විසඳුම් සොයන්නේ ජනතාව විරෝධතා කරන විට පමණයි. ගම්මැද්ද, ශ්‍රී ලංකා සිතියමේ ඇති ගම්මානවලට සහ සිතියමෙන් සොයා ගත නොහැකි ගම්මානවලට පවා ගොස් ජනතාවගේ දුක සොයා බැලුවේ ය. ජනතා දුක සැබැවින්ම දුටු, ඇසින් දුටු සාක්ෂිය ගම්මැද්දයි. ඒ නිසාම සියලු ආගමික නායකයින් ගම්මැද්ද දැඩි ලෙස අගයයි ජන දුක සොයා යන ගම්මැද්ද ගෙයින් ගෙට සිව් වැනි ක්‍රියාන්විතය ඊයේ සාර්ථකව අවසන් කෙරිණි. ඒ, දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අඛණ්ඩව දින 23ක් ජනතා ගැටලු සොයා යමිනි. 4 වන අදියරේ අවසානය සනිටුහන් කරමින් අප කණ්ඩායමක් අද මල්වතු මහා විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. එම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් ආචාර්ය තිලක් බණ්ඩාර සහ සීමා සහිත කැපිටල් මහරාජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතා ප්‍රමුඛ නිව්ස්ෆස්ට් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ. සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුව ය. අප තවත් කණ්ඩායමක් අද අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය. ගම්මැද්ද සාමාජිකයින් ඓතිහාසික ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදා ගත්තේ ඉන් අනතුරුව ය. උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ජනතා ගැටලු සොගා ගිය අප තවත් කණ්ඩායමක් ගම්මැද්ද 4 වන අදියර සාර්ථකව අවසන් කර ඓතිහාසික යාපනය නල්ලූර් කෝවිලට ගොස් අශිර්වාද ලබා ගත්තේ ය. මඩු සිද්ධස්ථානයේ ආගමික වතාවත් සිදු කෙරුනේ ඉන් අනතුරුව ය. ජනතා ගැටලු සොයා ගෙයින් ගෙට ගමන් කළ ගම්මැද්ද අප තවත් කණ්ඩායමක් බේරුවල කෙච්චිමලේ ධර්ගා ශරීෆ් වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. එහිදී විශේෂ දුආ ආශිර්වාදය අප කණ්ඩායමට හිමි විය. අප තවත් කණ්ඩායමක් අද මහියංගනය රජමහා විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තේ ය. එහිදී ගම්මැද්ද ක්‍රියාන්විතය විහාර වාසී මන්දාරම්නුවර යසස්සි හිමියන්ගේ දැඩි ප්‍රශන්සාවට ලක් විය. ගම්මැද්ද 4 වන අදියර සාර්ථකව අවසන් කරමින් ගැටඹේ ශු යෝහා දේවස්ථානයට ගොස් අප තවත් කණ්ඩායමක් ආශිර්වාද ලබා ගත්තේ ය. හඳුනා ගත් ජනතා ගැටලු ඉදිරිපත් කරමින් ගම්මැද්ද ගමින් ගමට ප්‍රාදේශීය මණ්ඩප සමගින් තවදුරටත් අප ජනතාව හමුවනු ඇති.